gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චම්පික කුණු එකතු කරන්නන්ටත් දඩ ගහයි !

කොළඹ නගර සීමාව තුළ නියමිත වෙලාවට කුණු කසළ ඉවත් නොකරණ පවිත්‍රතා ආයතනවලට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට තීරණය කළ බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ සතිඅන්ත පුවත්පතකටය.


දිනකට දෙවතාවක් කසල එක්රැස් කිරීම සිදුකළ බවත් එම අවස්ථා දෙක අතරතුර අදාළ තැන්වල කුණු ඉවත් නොකරන්නේ නම් ඔවුන්ට දඩ මුදල නියම කරන බවද හෙතෙම පවසා ඇත.

එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමටද තීරණය කර ඇතැයි පැවසේ.

දැනට කොළඹ නගර සීමාව තුළ කොළඹ නගර සභාව ඇතුළුව පවිත්‍රතා ආයතන තුනක් වැඩකටයුතු කරන බවත් ඉන් දෙකක් පෞද්ගලික ආයතන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඉඳුල් ගැනීමට දින තුනකුත්, ප්ලාස්ටික් සහ පොලිතීන් ගැනීමට එක් දිනයකුත්, සනීපාරක්ෂණ තුවා, පැම්පස් ගැනීමට එක් දිනයකුත් වශයෙන් කාලසටහන වෙන්කර ඇති බවද මේ අතර වාර්තාවේ.

එසේම එම එක්රැස්කිරීම් උදෑසන 4 සිට 6.30 දක්වාත් නැවත සවස 4 සිට 6.30 දක්වා සිදුකරන බව සඳහන් වෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka