gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆුට්බෝල් 'බුට්' වලට තීරුබදු සහනයක් !

මෙරට පාපන්දු ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් එම ක්‍රීඩාව සඳහා අත්‍යාවශ්‍ය අයිතමයන්ට පනවා ඇති තීරු බදු ඉවත්කර ගැනීම සඳහා තමන් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ සඳහා ඉදිරියේ දී මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

එම සාකච්ඡාවේ දී පාපන්දු ක්‍රීඩකයන් සඳහා අත්‍යාවශ්‍ය පාවහන් සඳහා පනවා තිබෙන තීරු බදු ඉවත්කර ගැනීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බවත්
අනතුරුව අනෙක් අයිතමයන් සඳහා පනවා ඇති තීරු බදු සඳහා සහන ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම දිවයින පුරා පාපන්දු ක්‍රීඩාව තිබෙන පාසල් සහ ක්‍රීඩා සමාජ වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් තමන් මෙම තීරණය ගනු ලැබූ බවත් ඒ හරහා දක්ෂතා ඇති නමුත් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා සහිත ක්‍රීඩකයන් රැසක් වෙත සහනයක් ලැබෙන බව තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka