gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේල වගකීමෙන් ලොකු බලපෑමක් හෙළි කරයි

ක්‍රිකට්‌ ක්‍රීඩාවට පුද්ගලික කළමනාකරුවන් සම්බන්ධවීම ගැන කියන කතා සිතා ගැනීමට නොහැකි බව මහේල ජයවර්ධන පවසා සිටියි. එහිදී ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩාවට බලපෑම් එල්ලවන ආකාරය පිළිබඳවද වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

‘කළමනාකරුවන් යම් රෙගුලාසිවලට යටත්විය යුතුයි. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රමවේදය තියෙනවා.
ඒ පාලනය ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට විතරක්‌ නෙමෙයි බලධාරීන්ටත්, දේශපාලනයටත් පොදු වෙන්න ඕනේ. මම වගකීමෙන් කියනවා 2006 දී මම නායකත්වය දරන කාලයේ එංගලන්තය අතිරේක ක්‍රීඩකයෙක්‌ එවනවා ක්‍රීඩා ඇමැතිතුමා මාර්ගයෙන්. ඒවත් බලපෑම්. ඒවත් පාලනය විය යුතුයි.”

අදාළ එංගලන්ත සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌වූයේ වත්මන් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය බවටද වාර්තා වේ.

-දිවයින

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka