gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියදුරු බලපත්වලට අලුත් නීතියක්.. ශරීර අවයව දීමට එකග විය යුතුයි…

ශ්‍රී ලංකාවෙි ප්‍රථම හදවත් බද්ධ සැත්කම සිදූ කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙක් වෛද්‍යවරුන්ට සුබපැතීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මහනුවර මහ රෝහලේ සංචාරයක නිරත විය.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා හෘද බද්ධ සැත්කමට භාජනය වූ රෝගියාගේ සුවදූක් විමසූ අතර,
ඉන් පසු විශේෂඥ වෛද්‍යවරු සමග සාකචිඡාවක නිරත විය.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂඥ වෛද්‍යවරුන් හමු වී මෙසේ ප්‍රකාශ කරන ලදි.

“මෙම සැත්කම සෞඛ්‍ය ක්ෂේත්‍ර ලැබූ විශාල ජයග්‍රහණයක්. එය රටේත් ජයග්‍රහණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ රෝග නියාමනය අතින් සහ ප්‍රතිකාර සේවාව අතින් ශ්‍රී ලංකාව ඉහළ මට්ටමක සිටින බවයි. ලෝකයේ ප්‍රථම හෘද බද්ධ සැත්කම සිදූ කර වසර 50 කට පසු ශ්‍රි ලංකාවෙි එම සැත්කම සිදූ කිරිමට මුල් වූ විශේෂඥ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට මම ස්තූතිය පුද කරනවා. එම සැත්කම සිදූ කිරිම සදහා තීන්දූව ගැනීම, ආත්ම ශක්තිය, සැත්කම සාර්ථකව සිදූ කිරීම මෙහිදී අගය කළ යුතු වෙනවා. වර්තමානයේ වෛද්‍ය ක්ෂේත්‍රයට විවිධ චෝදනා ඉදිරිපත් වුනත්, ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරයට ගෙනයාම සදහා මෙම වෛද්‍යවරුන් සිදූ කළ හාස්කම ඉතාම වැදගත්. හෘද බද්ධ සැත්කම් පළමුවරට ආරම්භ කිරීමට සැළසුම් කර තිබුනේ කොළඹ ජාතික රෝහලෙයි. නමුත් ඊට ප්‍රථමව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සිය රාජකාරිය දේව කාරියක් ලෙස සළකා සැත්කම සිදූ කිරීම ගැන මම ස්තූතිය පුද කරනවා. මෙි වනවිට සැත්කමට භාජනය වූ රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටිනවා.”

“විද්‍යුත් නව රියදූරු බලපත්‍රය ඉදිරියේ දී නිකුත් කිරිම පිළිබද අවයව ලබාගැනීම සදහා වූ කොන්දේසියක් ඊට ඇතුළත් කරනවා. ඒ අනුව පෙනහලු, හෘද වස්තුව, අක්මාව, වකුගඩු, ලබාගැනීමෙන් වෛද්‍ය සැත්කම් සිදූ කිරීමෙි අවස්ථාව උදා වෙනවා. ඒ සදහා වූ නීතිමය කටයුතු මෙි වනවිට ආරම්භ කර අවසන්.”

– ප‍්‍රසන්න අධිකාරී


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka