gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද අලුයම ලක් මවගේ ගෙළ පැලැන්දූ ලෝක ශූරතා රිදී පදක්කම

ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත අද (15) අලුයම සමත් වුණා. 

ඒ, ටී 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන්.

ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 57.93 ක්.

එම ඉසව්වේ රන් පදක්කම ඉන්දීය ක්‍රීඩකයෙකු දිනා ගත් අතර ලෝකඩ පදක්කම චීන ක්‍රීඩකයෙකු විසින් දිනා ගනු ලැබුවා.

දිනේෂ් ප්‍රියන්ත ඉකුත් රියෝ පැරා ඔලිම්පික් උළෙලේ දී ද මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.

මෙවර ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ ලන්ඩන් නුවරයි.

රටවල් 92ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් සමගින් පසුවන්නේ දොළොස්වන ස්ථානයේයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka