ආහාර එතීම සඳහා භාවිත කරන දවටන හෙවත් ලන්ච් ෂීට්ස් ආනයනය, නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එමෙන්ම පොලිස්ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි, ප්ලාස්ටික් පිගන් කෝප්ප සහ හැඳි ආනයනය, නිෂ්පාදනය,
අලෙවිය සහ භාවිතය තහනම් කිරීමටද ඊයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය එකගතාවකට එළැඹ ඇත.
සකසන ලද හෝ පිසූ ආහාර පොලිතින්වලින් සාදන ලද කවරවල බහා අලෙවිය තහනම් කිරීමට ද යෝජනා වී ඇති අතර ජාතික උත්සව අවස්ථාවලදී සැරසිලි වෙනුවෙන් පොලිතීන් භාවිතය තහනම් කිරීමටද නියමිත බව පැවසේ.
ලන්ච් ෂීට්, රෙජිෆෝම් පෙට්ටි තහනම් කරයි !
2017-07-12T15:48:00+05:30
Gossip Lanka Hot News