gossip lanka

ළමා නිවාසයකට සිටි දැරියන් 18 දෙනෙකුට නරුම පියෙක් කළ කැත වැඩේ

බස්නාහිර පළාත් සභාවේ පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනෙකුගේ
ඇගපත අතගා අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා ඊයේ (25) අත්අඩංගුවට ගත්බව කොහුවල පොලිසිය පවසනවා.

මෙම සැකකරු එම ළමා නිවාසයේ රියදුරු ලෙසද කටයුතු කරන බව පොලිසිය කළ මූලික පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.

මෙම දැරියන්ට සිදුකරන අතවර සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව ළමා නිවාසයේ නේවාසිකව සිටින වයස අවුරුදු 10 ත් 17 ත් අතර දැරියන් 18 දෙනා පොලිසියට ගෙනැවිත් තොරතුරු ලබාගෙන තිබෙනවා.

මෙම ළමා නිවාසය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අංග සම්පුර්ණ නිදන කාමර තිබුණද එම දැරියන්ට ඒවා පරිහරණය කිරීමට ඉඩ දී නෑ.

අදාල දැරියන් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අතර ඔවුන් පාසල වෙත රැගෙන යනු ලබන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින්.

මෙම පුද්ගලයා දෙදරු පියෙක් වන අතර ඔවුන් විදේශීය රටවල පදිංචි වී ඇති බවත් අදාල සැකකරු 62 වියේ පසුවන බවත් පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


gossip lanka