gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මොළය මියගිය රෝගියාගේ පාද වෙනත් අයකුට බද්ධ කෙරේ

ශ්‍රී ලාංකේය අවයව බද්ධ කිරීමේ ඉතිහාසයට නව මොහොතක්‌ සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාද බද්ධ කිරීමේ සැත්කම අනුරාධපුර මහ රෝහලේදී පෙරේදා (24 දා) සාර්ථකව සිදුකොට තිබේ.

හදිසි අනතුරුවලට ලක්‌වීමෙන් තමන්ගේම අත් හෝ පාද බද්ධ කිරීමේ ශල්‍යකර්ම මෙයට පෙර ශ්‍රී ලංකාවේදී සිදුව තිබුණද, මොළය මියගිය රෝගියකුගේ පාදයක්‌ ගෙන වෙනත් රෝගියකුට බද්ධ කළ ප්‍රථම අවස්‌ථාව මෙය වේ.

අනුරාධපුර මහ රෝහලේ රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජෝයෙල් අරුඩ්ෙච්ල්වම් මහතා ඇතුළු විශේෂඥ
වෛද්‍යවරුන් සිවුදෙනකු ද සෙසු වෛද්‍යවරුන් සිවු දෙනකු ද හෙද කාර්යමණ්‌ඩල ද කනිෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු කණ්‌ඩායම විසින්, මෙම ශල්‍යකර්මය සාර්ථක ලෙස සිදු කොට තිබේ.

හදිසි අනතුරකින් දරුණු ලෙස වම් පාදයට හානි වී තිබීම හේතුවෙන් මෙයට වසරකට පෙර පාදය කලවා දෙසින් ඉවත් කළ වයස අවුරුදු තිස්‌ දෙකක පිරිමි රෝගියකු සඳහා මෙම පාද බද්ධ කළ බව අනුරාධපුර මහ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා ''දිවයින''ට පැවසීය.

නිධන්ගත රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් මොළයට සිදුව තිබූ රුධිර වහනයෙන් මොළය මිය ගිය බවට තහවුරු වූ වයස අවුරුදු 52 ක පිරිමි රෝගියකුගේ පාදය ගෙන ඉහත රෝගියා වෙත බද්ධ කළ බවත්, මොළය මියගිය මෙම රෝගියාගේ වකුගඩු දෙක මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකය වෙත ලබාදුන් බවත් වෛද්‍ය මුහන්දිරම්ගේ මහතා පැවසීය.

අනුරාධපුර රෝහලේදී මොළය මියගිය රෝගියාගේ වකුගඩු දෙක පෙරේදා (24 දා) පස්‌වරුවේ මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝග හා ශල්‍ය විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු මහතා විසින්, රෝගීන් දෙදෙනකු සඳහා බද්ධ කොට තිබේ.

-දිවයින



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka