gossip lanka

මසුන් ඇල්ලීම ගැන තොරතුරු හොයන්න ආණ්ඩුවට මිලියන 78ක් වැය වෙයි

මසුන් ඇල්ලීම පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම සඳහා බහුදින ධීවර යාත්‍රා සඳහා ටැබ් පරිගණක ලබාදීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා. 

මෙම වැඩපිළිවෙල යටතේ ටැබ් පරිගණන 2328ක් ලබාදීමට නියමිතයි.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 78ක්.

ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේ දී අන්තර්ජාතික නීතියට අනුව එක් එක් බහුදින ධීවර යාත්‍රා විසින් අල්ලාගනු ලබන මසුන් පිළිබඳ දත්ත පරිගණක කළ යුතුයි.

ඒ පිළිබඳ සෑම තොරතුරක්ම අදාළ රට විසින් යුරෝපා සංගමයට ලබාදිය යුතු බවයි ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.

මෙම පරිගණක ධීවරයින්ට නොමිලේ ලබාදෙන අතර ඊට අදාළ විශේෂ පුහුණුවක් ද ලබාදීමට නියමිතයි.


gossip lanka