gossip lanka

13 හැවිරිදි දරුවෙකුට අඹුසැමි යුවලක් කරපු අපරාධය

කුඩා දරුවෙකු  පුළුස්සා වද හිංසා පැමිණ වූ යුවළක් මියන්මාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 13ක කුඩා දරුවෙක් හට මෙලෙස වද හිංසා පමුණුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ ළමයා මියන්මාරයේ, යන්ගුයි නගරයේ  නිවසක මෙහෙකාර
සේවයේ යොදවා සිටියදී මෙම දරුවාගේ ශරීරය අවස්ථා කිහිපයකදී ස්ත්‍රික්කයෙන් පුළුස්සා ඇති බව සදහන්.

මිට අමතරව ශරීරයට උණු වතුර දමා අදාල දරුවා පුළුස්සා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ලෝකයේ බොහෝ රටවල මුදල් ඉපියිම සදහා කුඩා දරුවන් මෙහෙකාර සේවයේ යොදවන අතර මියන්මාරයේද ළමුන් බහුලව මෙහෙකාර සේවයේ යොදවන බව සදහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ එවැනි අවස්ථාවලදී දරුවන්ට මෙවැනි වද හිංසා පමුණුවන බවයි.

අදාල දරුවාට මෙලෙස වද හිංසා පමුණුවන බව අසල නිවසක සිටි අයෙක් පොලීසියට පැමිණිලි කර ඇති අතර පසුව අදාල නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිල්ලෙන් පසුව නිවසට පැමිණි පොලිස් නිලධාරීන් අදාල ළමයා පරික්ෂා කිරීමේදී ඔහුගේ ශරීරයේ පිලිස්සුම් තුවාල රැසක් දැක ගත හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා 32 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.


gossip lanka