gossip lanka

ඩෙංගු අස්සේ වෛදවරියක් පැනඩෝල් කතාවක් කියලා පිස්සු නටයි

අවුරුදු 3 ½ ක් වන තම මිණිබිරියට අධික උණ හා වමනය ගතියක් පැවතීම හේතුවෙන් පසුගිය 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ එප්පාවල රජයේ රෝහලට රැගෙන ආ අවස්ථාවේ, රාජකාරී කළ වෛද්‍යවරිය පැනඩෝල්
දුන්නේ නැද්ද, පැනඩොල් විතරයි දෙන්න තියෙන්නේ යැයි පවසා තම මිණිබිරියට කිසිදු ප්‍රථිකාර නොකර සිටි බවට එප්පාවල, මාවතවැව, නව ගම්මානයේ පදිංචි එම්.ඉන්ද්‍රරත්න මහතා චෝදනා කරයි.

ඒ මහතා අදාළ සිද්ධිය පිළිබද පැහැදිලි කරමින් කියා සිටියේ,

පහුගිය 10 වැනිදා විතර වයස අවුරුදු 3 ½ ක් වන මගේ මිණිබිරියට උණ හා වමනයක් ඇති වෙලා දුව බෙහෙත් අරන් ගිහින් තිබුණා, ඒ බෙහෙත් වලට එදා ටිකක් උණ ගතිය අඩු වුණා.ඊට පස්සේ පසුගියදා (12) රෑ හොදටම උණ ගැණුනා.ඊට පස්සේ අර ගෙනාව බෙහෙතුත් දුන්නා.ඒත් වමනය නතර වුණේ නෑ,උණත් හොදටම ඊට පස්සේ මම දුවට කිව්වා ඩෙංගුත් හැම තැනම තියෙනවා නේ කියලා ත්‍රි රෝද රථයකුත් කථා කරගෙන එප්පාවල ඉස්පිරිතාලයට රෑම එක්කගෙන ආවා. ඒ වෙලාවේ ඉස්පිරිතාලේ හිටිය වෛද්‍යතුමිය ළමයා බලන්නෙවත් නැතිව ඇහුවා පැනඩෝල් දුන්නද එයාට කියලා , ඔයාලට තිබුණේ පැනඩෝල් දීලා තියාගන්නනේ කියලා එතුමිය කිව්වාත.

මම කිව්වා ඩොක්ටර්ට ළමයා පොඩියි, වමනේ දානවා ඉවරයක් නෑ, ඒ හින්දා එක්කගෙන ආවේ කියලා.එතකොට ඩොක්ටර් කිව්වා ඉස්පිරිතාලේ නැවැත්තුවත් දෙන්න තියෙන්නේ පැනඩෝල් මනේ කියලා කිව්වා. ඩොක්ටර් එහෙම කියද්දි මම මිණිබිරියවත් අරගෙන යන්න ත්‍රීවීල් එක ගාවට යන්න යන කොට එන්න කියලා කිව්වා අපහු, මොකද එහෙම කියපු ඩොක්ටර් නිදිමතේ වෙන බෙහෙතක් එහෙම දීලා වැඩි වුණොත් කියලා මහ රෑ මිණිබිරියව නාච්චාදූවට එක්කන් ගිහින් එහෙන් පෞද්ගලික ස්ථානයකින් බෙහෙත් අරන් දීලා සුවපත් කර ගත්තා.ඒදේවල් අහිංසක දුප්පත් අයට කරන්න එපා කියනවා.

මම පහුගියදා (13) දවල් රෝහලට ඇවිත් අනෙක් වෛද්‍යවරුන්ගෙන් ඇහුවා පැනඩෝල් විතරද තියෙන්නේ මේ ඉස්පිරිතාලේ කියලා, එතකොට ලොකු මිස් කිව්වා ඕන බෙහෙතක් තියනවා කිව්වා.අපි පුද්ගලිකව බෙහෙත් ගන්න ගියා නම් ඔයිට වඩා හොදට සලකයි.දරුවෙක් ගෙනාවට පස්සේ ප්‍රථිකාර නොකර සිටිම වරදක් විදිහටයි මම දකින්නේ, අපි වගේ අසරණ මිනිස්සු මේ වගේ වැඩ වලින් ගොඩක් අසරණ වෙනවා යනුවෙන් පැවසීය.



gossip lanka