gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

Online Users

gossip lanka gossip lanka gossip lanka

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි

රියදුරු බලපත්‍ර නිකුත් කර ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමට ප්‍රවාහන අමාතය නිමල් සිරිපාලද සිල්වාගේ අවධානය යොමුව තිබෙනවා.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරයක් යටතේ සිදු වීම නිසා යම් යම් අක්‍රමිකතා සිදු
වන බවට මහජන විවේචන එල්ල වී ඇති බවත්, එම තත්ත්වය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන්ට අමතරව, සුදුසුකම් සහිත වෙනත් පාර්ශ්ව හඳුනාගැනීමට මෙහිදී යෝජනා වී තිබෙනවා.

එමඟින් වඩාත් ගුණාත්මක ලෙස මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටත්, මනාව නියාමනය කිරීම තුළින් තමන් විසින් සමත් කරනු ලබන රියදුරු බලපත්‍ර අපේක්ෂකයින් සම්බන්ධයෙන් වගවීමක් ඇති කර ලීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් අධ්‍යනය කර වාර්තාවක් ලබාගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අමත්‍යවරයා ගෙනා යෝජනාවට ඇමති මණ්ඩළයේ අනුමැතිය හිමිව තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka