gossip lanka

අධිවේගයේ යන්න ආ කුකුළෝ

බටහිර ඔස්ට්‍රියාවේ අධිවේගි මාර්ගයේ කුකුළන් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රක් රථයක්  අනතුරට පත්වීමෙන් කුකුළන් සීසීකඩ විසිර යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (04) දිනයේදීය.

මේ නිසා පැය ගණනාවක මාර්ග තද බදයක් ඇතිව තිබූ බවද පැවසේ.

අනතුරට පත් මෝටර් රථයේ කුකුලන් 700ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ බවද විදෙස් වාර්තාවල දැක්වේ.

එරට ගිනි නිවන හමුදාව මැදිහත් වී සිරවූ කුකුළන් බේරා ගෙන ඇති අතර තැන තැන විසිර ගිය කුකුළන් එකතු කර නැවත කූඩුවලට දමා ඇත.
gossip lanka