මෙලොව එළිය දුටු සිය කුළුදුල් දරුවා ප්‍රථම වතාවට දකින අවස්ථාවේ ඇති වූ අධික සතුට හේතුවෙන් මවකට හෘදයාබාධයක් ඇති වී මියගිය අනුවේදනීය පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙය සිදුව ඇත්තේ පසුගිය 12 වැනිදා වන අතර මරණයට පත් වූ මවට
දරුවෙකු ලැබී තිබෙන්නේ විවාහයෙන් වසර ගණනාවකට පසුවය.
මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක් වශයෙන් සිදුවන්නක් බව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
දරුවා ලැබෙනවිටත් මව හොද සෞඛ්‍ය තත්වයෙන් සිට ඇති බවත් ඉපදුන පිරිමි දරුවාද මේවනවිට හොද සෞඛ්‍ය තත්වයේ සිටින බවත් තඹුත්තේගම රෝහල සඳහන් කරයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ තිස් එක් හැවිරිදි කාන්තාවකි.
කුළුඳුල් දරු උපතේ සතුට දරාගත නොහැකිවූ මව මියයයි
2017-07-14T10:14:00+05:30
Gossip Lanka Hot News