gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියෙන් කළ බලහත්කාරකමක් ගැන ගිරිඋල්ලෙන් චෝදනාවක්

ගිරිඋල්ල නව නගරයේ පිහිටි ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිමක සේවයේ නියුතු කම්කරුවන් පිරිසක් බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් ඔවුන්ගෙන් ඇඟිලි සළකුණු ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමක දී හෙළි වුයේ අදාළ කම්කරුවන් පැය
24කට ආසන්න කාලයක් ගිරිඋල්ල පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ කම්කරුවන් භාරව කටයුතු කරන ඉදිකිරීම් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේරත්න නෙත් නිවුස් වෙත  කරුණු දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ සේවකයන් සිය හැදුනුම්පත් ඉදිරිපත් කළ ද එය පිළිගැනීමට හෝ පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවයි. පෙරවරු 9.00 ට පමණ අත්අඩංගුවට ගත් මෙම පිරිස පසුදින රාත්‍රි 9.00 පසුවන තෙක් විවිධ නීතිමය කටයුතු බව පවසමින් පොලිසිය භාරයේ රඳවා ගත් බවත් පැවසුවා.

මෙම සේවකයන් පිරිස සිය ආයතනයේ රැකියාවේ නිරත වෙන බවට නිල වශයෙන් නිකුත් කළ ලිපියද පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරමින් තම ආයතනයේ දෛනික ඉදිකිරීම් කටයුතුවලට බාධා වෙන අයුරින් කටයුතු කළ බවද සඳහන් කෙරුණා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවාගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ චෝදනාවක් නොමැතිව කිසිඳු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ කිසිඳු හැකියාවක් නොමැති බවයි.  චෝදනාවක් නැතිනම් අත්අඩංගුවට ගන්නා සැක සහිත කාරණාව පැහැදිළිව සඳහන් කළ යුතු බවද පෙන්වා දුන්නා.

චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සහ ඇඟිලි සළකුණු ලබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ද ප‍්‍රකාශ කෙරුණා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka