gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒ.එස්.පී. ගෙන් ජනපතිට ඉල්ලීමක්

ඉදිරියේදී යම් ආණ්ඩුකාර ධුරයක් පුරප්පාඩු වුවහොත් එම ධුරයට තමාව පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව, කටාරයේ ශ්‍රී
ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා ඊයේ (05) රාජගිරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

"මම ජනාධිපතිතුමා කාරුණිකව මතක් කරල ඉල්ලීමක් කරනවා කරුණාකරල ලබන පාර හිස් වන ආණ්ඩුකාර ධුරය මට ලබාදෙන්න මොකද මම හිතනවා ඔබතුමා පොරොන්දුවක් ඉටුකිරීම ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් කියල. මා දැන් දැඩි මානසික කම්පනයකින් ඉන්න නිසා ඔබතුමා කරුණාකරලා හැකි ඉක්මනින් කටාර් රාජ්‍යයේ තානාපති ධුරයෙන් මාව නිදහස් කරලා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න".

පසුගිය මාර්තු මස 10 වනදා ජනාධිපතිවරයා විසින් ඒ.එස්.පී. ලියනගේ කටාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.

ඔහු පසුගිය රජය සමයේ ද නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළා.

ඒ. එස්. පී. ලියනගේ වඩාත් කතා බහට ලක්වුණේ ඔහුට අයත් කොළඹ පිහිටි පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණයට ලබාදීමට තීරණය කර තිබීම සම්බන්ධයෙන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka