මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කළ 2016 වාර්ෂික විගණන වාර්තාවේ සමස්ත රාජ්‍ය ණය බර රුපියල් බිලියන 463ක් අඩුවෙන් පෙන්වමින් ව්‍යාජ ලෙස සැකසූ විගණන වාර්තාවට විගණකාධිපතිවරයා විසින් විවෘත තීන්දුවක් දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව 2016 වසරේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9864ක් බවත් මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට අනුව එය බිලියන 9401ක් ලෙස බිලියන 463ක අඩු අගයකින් සඳහන් කර තිබීම නිසා ගෙවුණු වසරේ මහ බැංකු විගණන වාර්තාව අසත්‍ය වූ එකක් බැවින් විගණකාධිපතිවරයාට මුදල් අමාත්‍යාංශයේ විගණන වාර්තාව පිළිබඳ මතයක් ප්‍රකාශ කළ නොහැකි බවට විවෘත තීන්දුවක් ලබාදෙමින් විදේශ ආයෝජකයන්ට හා ලෝක බැංකුවට රටේ මූල්‍ය ක්‍රමය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුව ලැජ්ජා සහගතවූ තත්ත්වයකට :
රාජ්‍ය ණය බර අඩුවෙන් ඉදිරිපත් කර රට සතු සැබෑ මූල්‍ය ශක්තිය විකෘති කොට පෙන්වීමෙන් විදෙස් රටවල්වලින් ණය ආධාරයක් හෝ ලබාගැනීමේ දුෂ්කරතා මතුවන බවද සිය පාලන කාලය තුළ සිදුවූ ණය බර අඩුවෙන් දක්වා රටේ සැබෑ මූල්‍ය තත්ත්වය විකෘති කර දැක්වීමෙන් වත්මන් ආණ්ඩුව මහත් ලැජ්ජා සහගතවූ තත්ත්වයකට රට ඇද දමා ඇති බවද වීරවංශ මහතා පැවසීය.
මහ බැංකු වාර්තා මඟින් රටේ රැකියා වියුක්තිය ලක්ෂ 04කින් වැඩි වූ බවට ලබාදුන් වාර්තා ද වසන් කරමින් ආණ්ඩුව කරගෙන යෑමට ඇති නොහැකියාව නිසා බොරු බේගල් ඇදබාමින් මුළු රටම ලෝකයට මේ ප්‍රදර්ශනය කරන්නේ තමාට රට පාලනය කළ නොහැකි බව ද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
''මේ තමයි යම්කිසි විගණකාධිපතිවරයෙක් යම් විගණනයකින් අනතුරුව ලබාදෙන නරකම වාර්තාව. මුදල් අමාත්‍යාංශයේ වාර්තා සම්බන්ධයෙන් මෙවැනි මතයක් ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයෙක් මීට කලින් ලබාදී නැහැ. මේකෙන් පැහැදිලියි බොරු පැළ කරලා බලයට ආපු මේ ආණ්ඩුව අද ජනතාව දැනගත යුතුයි සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙනුත් බොරු පැළ කරමින් සිටින බව'' මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.
රාජ්‍ය ණය බර බිලියන 463ක් අඩුවෙන් පෙන්නලා !
2017-06-05T12:59:00+05:30
Gossip Lanka Hot News