ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සමාජිකයන් දෙදෙනකු වන ලසන්ත පද්මලාල් නොහොත් කොස්ගොඩ රණා හා සහන් සිල්වා නොහොත් මීටියාගොඩ රාජු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ජා ඇළ ඒකල හෝටලයක් තුළදී අත්අඩංගුවට පත්වන විට ඔවුන් සතුව ටී 56 ගිනි අවියක්, උණ්ඩ පහක් හා යතුරු පැදියක් වූ බවද පැවසේ.
මොවුන් පසුගිය මාසයේදී සිවුදිනක් තුළ වසම් 4ක පුද්ගලයන් පස් දෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති අතර තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබේ.
කොස්ගොඩ ලොකූ මැරුවෙත් මේ දෙන්නා
පසුගිය 08 වැනිදා වැලිපැන්න පොලිස්වසමේ දියගොරඬුව ප්‍රදේශයේදී මත්පැන් සාදයක් සඳහා යතුරු පැදියකින් යමින් සිටි කොස්ගොඩ ලොකූ ඝාතනයට ලක්විය.
ඝාතන මෙහෙයවන්නේ කොස්ගොඩ සුජී
දකුණේ පාතාල නායකයකුව සිට මේවන විට විදෙස් රටකට පාගොස් සිටින බවට සැකකෙරෙන කොස්ගොඩ සුජී නැමැත්තාගේ මෙහෙයවීම යටතේ මේ ඝාතන සිදුකර ඇති බව මේවන විට හෙලිවෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දැනට ඩුබායි වෙත පලාගොස් සිටින බව පැවසෙන මාකඳුරේ මදුෂ් නැමැති පාතාල නායකයා හා කොස්ගොඩ සුජී අතර කාලයක් තිස්සේ පවතින ගැටුම මේ ඝාතන බොහොමයකට බලපා ඇති බවද පැවසේ.
සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
සැකකරුවන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලබාගත් නියෝගයක් අනුව මේවන විට ඔහුගෙන් ප්‍රශ්නකරමින් සිටින බවද වාර්තා වේ.
දකුණු පාතාලේ දෙකක් මාට්ටු : ඝාතන වැලක සුලමුල එළියට
2017-06-05T13:01:00+05:30
Gossip Lanka Hot News