එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙනෙනෙක් වන රවී කරුණානායක හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් දෙදෙනා අතර පවත්නා ආරවුල නිසා මේ වනවිට එම පක්ෂයේ එකාග්‍රතාවයට බරපතළ හානියක් වී ඇති බව වාර්තා වේ.
මෙම ඇමැතිවරුන් දෙදෙනා අතර කලක් තිස්සේ පැවැති ආරවුල ඇමැති සංශෝධනයෙන් පසු එළිපිට පහර ගසා ගන්නා තත්වයට පත්ව ඇත.
ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඉකුත්දා පැවැති සමුළුවකදී ද ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය තදින් විවේචනයට ලක්කර ඇතැයි ද වාර්තා වේ.
ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසු මෙම ඇමැතිවරුන් අතර පත්නා ආරවුල දැන් විවෘත තත්ත්වයට පත්වී තිබේ.
තම අමාත්‍යංශය වෙනස් කිරීම සඳහා පක්ෂයේ අනෙක් ඇමැතිවරයා හේතුවූ බවට ඔහු දැඩි විශ්වාසයකින් පසුවන බවද සඳහන් වේ.
රවී - මලික් රණ්ඩුව ඇනයක් වෙලා !
2017-06-05T12:57:00+05:30
Gossip Lanka Hot News