GSP+ සහනය මෙරටට යළි ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම සම්බන්ධව යුරෝපා සංගමයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
මේ වන විටත් ඒ පිළිබඳ නිල නොවන මට්ටමින් විමසීමට යුරෝපා සංගමය කටයුතු කර ඇති බවත් අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා හිමිව ඇති පසුබිමේ එය රටේ නීතියක් බවට පත්කිරීම තවදුරටත් පමා කිරීම මෙරට සම්බන්ධව යුරෝපා කොමිසම තබා ඇති විශ්වාසය රැකගැනීම රජයේ වගකීමක් බවත් එහි දී දැනුම් දී ඇති බව ද දැන ගන්නට ඇත.
මේ සම්බන්ධව අප කළ විමසීමක දී නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සඳහන් කර සිටියේ 1979 පමණ සිට මෙරට තුළ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා මේ වන විට කෙටුම්පත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත කෙටුම්පත ජාතික ආරක්ෂාව මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් ගුණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන්නක් වන බවත් රට තුළ මතුව ඇති ජාතිවාදී දේශපාලන ප්‍රවණතාව හේතුවෙන් ආණ්ඩුව එය පාර්ලිමේන්තුවට ගෙන ඒම පමා කරන ස්වභාවයක් පෙනෙන්නට ඇති බවත්ය.
එසේම GSP+ තීරුබදු සහනය ලැබීම හරහා මෙරට මේ වන විට ලබන විදේශීය ආදායම අවම වශයෙන් තවත් යුරෝ කෝටි තිහකින් පමණ ඉහළ දමා ගැනීමට අවස්ථාව ඇති නමුත් දිගින් දිගටම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම පමා කිරීම තුළ අදාළ සහනය නියමිත පරිදි ලැබීමට ඇති අවස්ථා සීමා සහිත වීමේ අවදානමක් පැනනැඟිය හැකි බව ද ඔහු පැවසීය.
තව ද යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස් සෙසිලා මල්මස්ටෝම් මෙරටට ජී.එස්.පී.+ සහනය ලබා දෙන අවස්ථාවේ දී ශ්‍රී ලංකා රජය අන්තර් ජාතික සම්මුතීන් සහ මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි ලබා ඇති ප්‍රගතිය ඨීඡ සහනය යළි දිනා ගැනීමට හේතු වූ නමුත් ශ්‍රී ලංකාවේ තත්වය ඉතා හොඳ යැයි ප්‍රකාශ කිරීමක් එමඟින් අදහස් නොකෙරෙන බව සඳහන් කළ බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතුව තිබෙන බවත් එහි දී අවධාරණය කළ බව සිහි තබාගෙන කටයුතු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියේය.
සංජය ලියනගේ - සත්හඬ
ත්‍රස්තවාදී පනත සංශෝධනයේ ප්‍රමාදයෙන් GSP+ අවදානමේ
2017-06-04T14:08:00+05:30
Lanka Hot News
slide|