gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විග්නේශ්වරන් උතුරට කළ දෙයක් නැහැ

වසර තුනහමාරක පමණ කාලයක පාලනය තුළ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගෙන් උතුරේ ජනතාවට අත් වූ සෙතක් නොමැති බව එම  පළාත් සභාවේ මන්තී‍්‍ර වී. ජයතිලක පවසනවා. ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව දිවුරුම් පෙත්සම් භාර දීමට කටයුතු කළේ ඒ හේතුවෙන් බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වී ජයතිලක මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

සී වී විග්නේෂ්වරන්ගේ පාලන ක‍්‍රමය වෙනස් කිරීමේ කාලය පැමිණ ඇති බැවින් ජනතාව ද ඊට සහය දිය යුතු බවයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී වී. ජයතිලක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ මහ ඇමතිවරයා යුද සමයේ දකුණේ සිට දූ දරුවන්ට සිංහල පවුල්වලින් ආවාහ විවාහ පවා කරදී මේ වනවිට උතුරේ ජාතිවාදය වපුරවන බවයි.

මේ අතර උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාවට විරෝධය පළ කරමින් ඊයේ උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාර පැවැත්වුණා. යාපනය, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කවල කඩ සාප්පු ද වසා දමා තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka