වසර දෙකකට පමණ පසුව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරඟ 3 ක් මෙලෙස මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙනු ඇති.
හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2015 වසරේදී ජුලි මස 26 දා පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතරයි.
මේ අතර මෙම සංචාරයේදී සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟ 5 ක් සහ එක් ටෙස්ට් තරඟයක් පැවත්වෙනු ඇති.
එහිදී ආරම්භක එක්දින තරඟ දෙක ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව වසර 17 කට පසුව ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරඟය ගාල්ලේදී එළඹෙන 30 වනදා ඇරඹෙනු ඇති.
සිම්බාබ්වේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැත්වෙන එකම ටෙස්ට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
June 30 – First ODI in Galle
July 2 – Second ODI in Galle
July 6 – Third ODI in Suriyawewa
July 8 – Fourth ODI in Suriyawewa
July 10 – Fifth ODI in Suriyawewa
July 14 to July 18 – Only Test at R. Premadasa Stadium, Colombo
වසර දෙකකට පස්සේ එක්දින තරගයක් එන ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්න
2017-06-17T11:17:00+05:30
Gossip Lanka Hot News








