gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් මුදල් ඇමති වාහනවලට බදු සහනයක් දෙයි

2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන රජයේ නිලධාරියකු විසින් මිලදී ගන්නා, දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ ගැල් කුලිය ඇතුළත් වටිනාකම අනුව ගෙවිය යුතු නිෂ්පාදන බද්ද පහළ දමා තිබෙනවා.

නව බදු සංශෝධනයට අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද
සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් රථයක මිල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000/- ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයයෙන් සියයට 35 ක් හා ඩොලර් 30,000 ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 40 ක් ලෙසින් සංශෝධනය කර ඇත.

මීට පෙර 2016.11.10 වැනි දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද උපලේඛනයට අනුව මෙම කාණ්ඩය වෙනුවෙන් අයකරන ලද නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 50 කි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝගය 2017.06.10 දින සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka