gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුතාගේ වැරැද්ද වහගන්න තාත්තා කරපු අපූරු වැඩේ

පාසලකට අනවසරයෙන් පැමිණි පුද්ගලයෙකු පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් ගිරිබාව ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව  ඇත්තේ ගිරිබාව තඔුත්ත විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.එම්. පැතුම් දිල්ශාන් නමැති සිසුවාය.


ඉකුත් 15 වන දින මෙම පාසලේ සවස අතිරේක පන්තියක් පැවැත්වෙන අතරතුර 7 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවකු

පාසලේ සීනුව ඉතාමත් ශබ්ද නැඟෙන සේ සොලවා තිබේ. සීනුව නාද කිරීමේ අධික ශබ්දය ඉගෙනීම් කටයුතුවලට බාධාවක් නිසා එය නොකරන ලෙස පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා තවත් සිසුවකු ඔහුට පවසා තිබේ.

අනෙක් සිසුවාට සීනුව නාද කළ සිසුවා පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවයි පැවසෙන්නේ.
සීනුව නාද කළ සිසුවාගෙ පසු පස අනෙක් සිසුවා පන්නාගෙන ගොස් ඇති අතර සීනුව නාද කළ සිසුවාගේ පියා පාසල ඉදිරිපිට වූ මාර්ගයේ වාහනයකින් යමින් සිට ඇත.ඒ අවස්ථාවේදී එම පුද්ගලයා පාසල ඉදිරියේ වාහනය නවතා එයින් බැස ඇවිත් ඔහුගේ දරුවා පසුපස පන්නා ආ සිසුවාගේ සිසුවාගේ හිසට හා කම්මුල්වලට මිට මොළවා අමානුෂික ලෙස පහර දී ඇති බව සඳහන්.

පහර කෑමට ලක් වූ සිසුවාට ඒ අවස්ථාවේ ක්ලාන්ත ගතියක් සෑදී ඇති අතර ඔහු පන්ති කාමරයට ගොස් ඩෙස් එකක් මත හිස තබාගෙන සිට ඇත.සිසුවාට පහර දෙන අවස්ථාව දුටු අනෙක් සිසුන් හා පාසලේ අමතර පන්ති පවත්වමින් සිටි ගුරුවරුන්ද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් එන විටත් පහර දුන් පුද්ගලයා පාසලෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

සිද්ධියෙන් පහර කෑ සිසුවාගේ මවුපියන් විසින් සිසුවා ගිරිබාව රෝහල වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා රැගෙන ගොස් අති අතර හෙදියක් පවසා ඇත්තේ දරුවාට තුවාලයක් හෝ කිසිදු අසනීප තත්ත්වයක් නොමැති බවත්, ඒ නිසා බෙහෙත් ලබාදීමට නොහැකි බවත්ය පවසා ඇත්තේ.

දෙමව්පියන් සිසුවාව නිවසට කැඳවාගෙනවිත් ඇති අතර එදින රාත්‍රියේ සිසුවාගේ හිසෙහි ඇතිවූ දැඩි වේදනාකාරී තත්ත්වය හේතුවෙන් ගල්ගමුව රෝහලට ඇතුළත් කොට තිබේ.

 එහි එක් දිනක් ප්‍රතිකාර ලැබූ දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති අතර සිසුවා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

නැවත ගල්ගමුව රෝහලට ඇතුලත් කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති අතර සිසුවා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පහරකෑමට ලක් වූ සිසුවාගේ පියා විසින් ගිරිබාව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා ඇති අතර පහර දුන් සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ගිරිබාව පොලිසිය කටයුතු කරන බවයි වාර්තා වුණේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka