gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුනාමි දත්ත බෝයාවක් අතුරුදන්

සුනාමි අනතුරු කල්තබා දැන ගතහැකි ගැඹුරු මුහුදු පත්ලට ස්ථාවරව සාගරයේ සවි කොට තිබූ සුනාමි දත්ත බෝයාවක්  පසුගිය වසරේ පෙබරවාරී 29 වනදා සිට දත්ත සැපයීම නතර කොට තිබේ. අන්දමන් දුපත් ආශ්‍රත ජාත්‍යන්තර මුහුදු කලාපයේ උතුරු අක්ෂාංශ 7.01 හා නැගෙනහිර දේශාංශ 88.07 ස්ථානයේ මෙම සාගර දත්ත බෝයාව පිහිටුවා ඇත.ඒ අනුව සුනාමි අනතුරු ඇගවීම සම්බන්දයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මෙම සාගර දත්ත බෝයාව පිළිබදව හෝ එහි කොටසක් පිළිබදව තොරතුරු දන්නේ නම් ඒ බව 0719353009 දුරකතන අංකය ඔස්සේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA)  සාගර විද්‍යාඥ
අඛිල හරිස්චන්ද්‍ර මහතා වෙත දැනුම් දෙන මෙන් එහි සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා පවසයි.

එලෙස එහි කොටස් නැවත සොයාගත හැකි වුවහොත් එය පෙර පරිද්දෙන්ම එම ස්ථානයේ ස්ථාපිත කළහැකි යැයිද සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියි.

සහන් සංකල්ප සිල්වා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka