gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තානාපතිවරු 22ක් අලුතින් පත් කෙරෙයි !

මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ නිල කාලය අවසන්වීමට නියමිත තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ කොන්සල් ජනරාල්වරුන් 22 දෙනෙකු වෙනුවෙන් අලුතින් පත්වීම් සිදුකිරීමට විදේශ අමාත්‍යංශය සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.

අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය හා ඉරානය යන රටවල තානාපතිවරුන්ගේ නිල කාලය හමාර වී ඇතත් නව පත්වීම් සිදුකෙරෙන තුරු ඔවුහු තවදුරටත් ඒ රටවල සේවයේ යෙදී සිටීමට නියමිතය.

මෙසේ ඉදිරි මාස කිහිපය තුළ සේවාකාලය සපුරන මහ කොමසාරිස්, තානාපතිවරුන් සහ කොන්සල් ජනරාල්වරුන් 22 දෙදෙනාම ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් වූවන් නොවන බවද පැවසේ.


ඇතැම් ඒවා විශ්‍රාමික විදේශ සේවා ප්‍රධානීන්ගේ පුරවා ඇති බවත්, එක් පත්වීමක් වාණිජ දෙපාර්තමේන්තුව විසින් කරන ලද්දක් බවත් පැවසේ.

විදේශ අමාත්‍යංශ වාර්තා අනුව මෙරට නියෝජනය කරමින් තානාපතිවරැන්, මහ කොමසාරිස්වරුන් හා කොන්සල් ජනරාල්වරුන් 66 දෙනකු පත්වීම් ලබා තිබේ.

ඉන් 38 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන බව පැවසේ. එම 66 දෙනාගෙන් විදේශ සේවය නියෝජනය කරන්නේ 28 දෙනකු පමණක් බව පැවසේ.

පසුගිය කාලයේ පැවැති නිලධාරී හිඟයක් හේතුවෙන් විදේශ සේවයෙන් පිට පුද්ගලයන් විදේශ සේවයට පත් කිරීමට සිදුවූ බවද විදේශකටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විදේශ සේවයට පුද්ගලයින් පත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට හා විදේශ කටයුතු අමාත්‍යවරයාටය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka