නිවෙසකට ඇතුළු වී රුපියල් හතළිස් දෙදහසක් වටිනා රන් ආබරණ සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති පුද්ගලයකු කා දමා තිබූ රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලා ගිය පොලිස් නිල සුනඛ 'ආටිස්' විසින් සොරකමට සම්බන්ධ සැකකරු අල්ලා දී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම දකුණ පියතිලක මාවතේ නිවසකට ඇතුළු වූ බව කියන සොරෙකුයි.
ඉකුත් 13 වැනි දින රාත්‍රි මෙම සොරකම කිරීම සඳහා පැමිණි සැකකරු නිවෙසට ඇතුළුවීමට පෙර එහි තිබූ රඹුටන් ගසකට නැඟ රඹුටන් කඩා ගෙන බිමට බැස රඹුටන් කා ලෙලි
මිදුලේ දමා ඇති බව සඳහන්. පසුව නිවෙසට ඇතුළු වූ සොරා එහි තිබූ මුදල් හා රන් ආබරණ සොරකම් කර ගෙන පලා ගොස් තිබෙන බවයි වාර්තාවන්නේ.
මේ සොරකම පිළිබඳ නිවෙසේ අයිතිකරුවන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ ආටිස් නමැති නිල සුනඛයා මෙම ස්ථානයට ගෙන ගොස් ඇති අතර එහිදී නිල සුනඛයා භාර කොස්තාපල්වරයාගේ මෙහෙයවීම මත එහා මෙහා ගිය සුනඛයා මිදුලේ තිබූ රඹුටන් ලෙලිවලට ඉව අල්ලා තිබෙනවා.
පසුව එම රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලමින් ඉදිරියට ගිය ආටිස් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකට කඩා පැන ඇති අතර ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකමේ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
නිවසක් බින්ඳ සොරෙකු රඹුටන් ලෙල්ලෙන් ඇල්ලූ හැටි
2017-06-16T12:24:00+05:30
Gossip Lanka Hot News








