මහනුවර යාපනය මාර්ගයේ පුනෑව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් හිමිනමක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ත්‍රී රෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි ඊයේ සවස මෙම අනතුර සිදුවී ඇත්තේ.
මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරා සහ එහි පිටුපස ගමන් කළ ස්වාමීන් වහන්සේ නමක්.
අනතුරින් පසු බරපතල තුවාල ලැබු ඔවුන් දෙදෙනා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කෙරුනා.
එහිදීයි ඔවුන් මියගොස් ඇත්තේ.
ත්‍රී රෝද රථ රියදුරා පෙරියඋලුප්පුකුලම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.
අපවත්වු ස්වාමීන් වහන්සේ පරණ හල්මිල්ලෑව විහාරස්ථානයේ සිටි 39 හැවිරිදි හිමිනමක් බවයි පොලිසිය කියාසිටියේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ 10 දෙනෙක්.
වෑන් රථයේ රියදුරා ද ඒ අතර වනවා. ඔවුන් අනුරාධපුර සහ මැදවච්චිය රෝහල්වලයි ප්‍රතිකාර ලබන්නේ.
ස්වාමීන් වහන්සේ නමක් ඇතුලු දෙදෙනෙකුට මරු කැඳවූ මැදවච්චියේ මාරක රිය අනතුර
2017-06-16T12:44:00+05:30
Gossip Lanka Hot News








