සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජාතික පෝෂණ මාසය අද (01දා) සිට ආරම්භ වේ.
''සීනි නැතිව රස බලන්න'' මෙවර ජාතික පෝෂණ මාසයේ තේමාවයි.
සෞඛ්‍යමත් ජීවන තත්ත්වයක් සඳහා නිවැරැදි ආහාර පුරුදු බෙහෙවින් ඉවහල් වේ. වර්තමානයේ පවතින තරඟකාරී ජීවන රටාව තුළ සෑම වයස් කණ්ඩායමක් ම සෞඛ්‍යමත් නොවන ආහාර වර්ග, සීනි යෙදූ බීම වර්ග සීනි අධික කිරි පානය භාවිතා කරයි.
මේ තත්ත්වය නිසා දියවැඩියාව, හෘද රෝග හා අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළදීමේ අවධානමට ජනතාව ගොදුරු වේ.
සියළුම වයස් කාණ්ඩවල පසුවන්නන් අතර සීනි යෙදූ බීම හා කිරි භාවිතය අවම කිරීම, සීනි යෙදූ බීම හා කිරි පානයන් භාවිතයට ඇබ්බැහිවීම හා එයින් සිදුවන අහිතකර සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම,පිරිසිදු පානීය ජලය සහ ස්වාභාවික පානයන් භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ බහු පාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කිරීම තුළින් ජලය සහ ස්වාභාවික පාන භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙවර පෝෂණ මාසයේ ප්‍රධාන අරමුණු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
''සීනි නැතිව රස බලන්න'' අද සිට
2017-06-01T15:51:00+05:30
Gossip Lanka Hot News
slide|