පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවතවත්ත හෙවත්, පනාදඬුකන්ද නාය යෑමේ අවදානමක් සම්න්ධයෙන් 1983 වසරේදී දැනුම්දීමක් සිදුකර තිබියදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) එහි ඉඩම් ජනතාවට බෙදාදී ඇතැයි මේවන විට චෝදනා එල්ලවී තිබේ.
පසුගියදා එම කන්ද නාය යෑම නිසා ජීවිත 10ක් අහිමි විය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් නිලධාරී හර්ෂ ඒකනායක මහතා පවසන්නේ 1983 වසරේදී මේ පැල්මක් ඇතිවී තිබෙන බවට වාර්තා වී ඇති බවත්, එසේම 1983 දී එහි පිපිරුමක් ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබූ බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ එම කන්ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC) විසින් කොටස් කර ජනතාවට ලබාදීමෙන් පසුව එහි තිබූ රබර් වගාව ගලවා ඉවත්කර ඇති බවත්, ඉන් පසුව ජලය භූමිය තුළට ගමන් කිරීම ආරම්භ කිරීම නිසා මවු පාෂාණය වෙන්වී නාය යෑම සක්‍රිය වී ඇති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරියේදී මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇති බවද මේ අතර වාර්තා වේ.
මාවතවත්තේ ඝාතකයා LRC එක ?
2017-06-01T15:49:00+05:30
Gossip Lanka Hot News