gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගංවතුරෙන් අනාථ දරුවන්ට බාල පාසල් රෙදි!

අධ්‍යාපන අමාත්‍යංශය විසින් තත්ත්වයෙන් බාල බව පවසමින් ප්‍රතික්ෂේප කරන ලද බාල පාසල් නිල ඇඳුම් රෙදි ගංවතුරෙන් අනාථව සිටින පාසල් දරුවන්ට බෙදාදීමේ සැලැසුමක් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙසේ බෙදාදීමට සැරසෙන්නේ ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් ටෙරිටරි (Union territory) යේ සෞඛ්‍ය අමාත්‍ය මල්ලඩි ක්‍රිෂ්නා රාඕ (MALLADI KRISHNA RAO) මහතා ගේ පුත් නගුලේෂ්වරන් රාඕ මහතාගේ ආයතනයකින් ආනයනය කරන ලද රෙදි තොගයකි.
මේ රෙදි ලක් සළුසල මැදිහත්ව ගෙන්වා තිබූ අතර පසුව ඒවා තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

කෙසේවුවද, මල්ලඩි ක්‍රිෂ්නා රාඕ (MALLADI KRISHNA RAO) මහතා අධ්‍යාපන අමාත්‍යංශයට හා ලක් සළුසලට එරෙහිව නඩු දැමීමට නීති උපදෙස් ගැනීමට ලංකාවට පැමිණ සිටි බව “ ඉන්දීය ඇමති පුතාට සරත් පතිරණගෙන් කෝටි ගාණනක පොල්ලක්” යන සිරස් තලය යටතේ අප හෙළි කළේය.

නගුලේෂ්වරන් විසින් පාසල් නිල ඇඳුම් රෙදි මීටර් මිලියන දෙකක් ලංකාවට එවා තිබිණි.

ඒම රෙදි බාල වීම හේතුවෙන් ඒවා අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම රෙදි මෙරටට ගෙන්වන ලද සරත් පතිරණ නැමැති ව්‍යාපාරිකයා ප්‍රොඩාකාරී අයුරින් ඒවා පාසල් දරුවන්ට බෙදාදීමට උත්සාහ කර තිබිණි.

ලක් සළුසල නමින් සරත් පතිරණ නමැති පුද්ගලයෙකු නිල ඇඳුම් රෙදි ව්‍යාපාරයක නියැලෙන බව ලංකා ගුරු සංගමය 2016.11.24 දිනැතිව ජනාධිපතිවරයාට ද, විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ද පැමිණිලි කර තිබීමෙන් ඒ ගැන සනාථ වේ.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ රෙදි ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණියට අයත් බව කියන ග්ලෝබල් පාර්ක් ගුදමේ (warehouse) ගබඩාකර තිබූ බව මාධ්‍ය හෙළිකර තිබිණි.

අගමැතිට ඉන්දීය රජයෙන් මැසිවිල්ලක්

මේ අතර, අදාළ රෙදි තොගය නිෂ්පාදනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව යැයි කියමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද ඉන්දීය රජය මැසිවිලි නගා ඇති බව පැවසේ.

රෙදි පාට පහකින් පාට කිරීම

ගුදමේ තිබූ රෙදිවලින් කොටසක් පාට පහකින් පාට කරමින් සිටි බවටද මේ අතර, තොරතුරු වාර්තා වේ.

කෙසේවුවද, එසේ එම රෙදි තොගය පාට කිරීමට හේතුවී ඇත්තේ සුදු රෙදි කිළිටිවන බැවින් ඉදිරියේදී පාසල් නිල ඇඳුමට පාට පහකින් නිල ඇඳුම් රෙදි එක් කිරීමට තීරණයක් ගෙන තිබූ නිසා බවටද සැක මතුව තිබේ.

නිල ඇඳුම් කට්ටල තුනක්

එසේ ගංවතුරෙන් අනාථ වූ පාසල් ළමුන් 25,000 ක් වෙනුවෙන් මේ රෙදි ලබාදීමට සැරසෙන බවද පැවසේ.

ගංවතුර නිසා අනාථ වී සිටින පාසල් දරුවන් වෙනුවෙන් පාසල් නිල ඇඳුම් කට්ටල 3ක් හා සපත්තු ගැනීමට වවුචරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය මෙවන විට තීරණය කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka