gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටාර් ගිය අයට එන්න වේවි !

පසුගිය වසර 2ක කාලයේදී සෞදි අරාබියට පසු ශ්‍රී ලාංකේය විගමනික සේවකයන් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කටාර් රාජ්‍යයට බවත් මේ වන විට කටාර් රාජ්‍යයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය දුරදිග ගියහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවනු ඇති බවත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

පසුගියදා කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මේ අදහස් පළකළ අමාත්‍යවරයා කටාර් රාජ්‍යයේ අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අනිවාර්යයෙන් බලපෑම් එල්ල වන බවද කීවේය.
කටාර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර සිදුකරන ගුවන් සේවාවන්වලින් ශ්‍රී ලංකාව විශාල මුදලක් උපයන අතර මෙරටට හිමිවන විදේශ විනිමය පිළිබඳවද ඉදිරියේදී ගැටලුවක් ඇති විය හැකි බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

(මව්බිම)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka