gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ තරුණියකගෙන් සල්ලාලයින්ට අමතක නොවන පාඩමක්

තමන්ව පැහැරගෙන ගොස් දුෂණය කිරීමට තැත් කළ තරුණයන් තිදෙනෙක් ගෙන් උපක්‍රමශීලීව බේරී ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ගිය  තරුණියක්  පුවතක් බලංගොඩ, පින්නවල ප්‍රදේශයෙන් වාර්තාවේ.

දුර පළාතකින් සේවයට පැමිණ බෝඩිමක නතර වී බලංගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන ඇය අවු 26ක තරුණියකි.

ඇය සේවය නිම වී සිය නවාතැන්පළ වෙත යන අවස්ථාවේදී  රාත්‍රි 7.00 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයන් තිදෙනෙකු විසින් ඇය ඔසවා ත්‍රිරෝද රථයට දමාගෙන පඹහින්න ප්‍රදේශයට අතුරු මාර්ග ඔස්‌සේ රැගෙන ගොස් අතරමඟදී ඇය සතු රන් අභරණ ද පැහැර ගෙන ඇති අතර අවසානයේ තමන්ව දුෂණය කිරීමට යන බව ද ඇයට වැටහී ඇත.

එහෙත් එම අවස්ථාවේ එය සිදුනොකරන ලෙස ඉල්ලා ඇති ඇය එක්‌ එක්‌ තරුණයා සමඟ වෙන් වෙන්ව ඇසුරකට කැමැති බව පවසා සිය ජංගම දුරකථන අංකය ද ලබා දුන් ඇය තුන්දෙනාටම වෙන වෙනම හාදු 3ක් ද ලබා දී තිබේ.

තරුණයන් ඇය සමග සුහද වී පඹහින්න ප්‍රදේශයේ ම තේ පැන් හලකට ගොස්‌ තේ රැගෙන දී යළි බෝඩිම අසලට ගෙනැවිත් දමා රන් අභරණ ද යළි ලබා දී ඇති බව සදහන්.

තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකුම තරුණියට පසු දින ඇමතුම් ලබා දී ඇති අතර තමා අසනීප තත්ත්වයෙන්  බලංගොඩ රෝහලේ නේවාසිකව පසුවන බවත් කෑම පාර්සලයක්‌ සහ වතුර බෝතලයක්‌ රැගෙන පැමිණෙන ලෙසත් ඇය ඔවුන්ට කියා ඇත.

එක් තරුණයකු පස්‌වරු 1.00 ට පමණ රෝහලට පැමිණ පිටත බංකුවේ වාඩි වී සිට තරුණිය වෙතට ගොස්‌ කෑම බීම දෙන විටම ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී ලැබූ තොරතුරු මත අනෙක්‌ තරුණයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔවුන්  බලංගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනාගැනීමේ පෙරට්‌ටුවේ  දී  තරුණිය තිදෙනාම හඳුනා ගත් අතර පසුව මේ මස  13 දා තෙක්‌ සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

තරුණිය, තරුණයන් රවටා  බලංගොඩ -පින්නවල පොලිසිය වෙත පැමිණිලි කර පොලිසියෙන් ලැබූ උපදෙස් මත මෙසේ තරුණයන් කොටු කර ගැනීමට දැලක් එලූ බව වාර්තාවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka