gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞදි පොදු සමාකාලයේ දිවයිනට නොපැමිණියහොත් සිර දඩුවම්

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමාකාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව 2017 මාර්තු මස 21 වන දින සිට 2017 ජූනි මස 25 වන දින දක්වා එම කාල සීමාව හඳුන්වා දී තිබෙන අතර මෙම කාල සීමාව තුල එරට රැඳී සිටි ලාංකිකයින් 3,500කට ආසන්න ප‍්‍රමාණයක් සඳහා ගමන් බලපත‍්‍ර නිකුත් කොට තිබේ.

මෙම කාලය තුළ නීතිවිරෝධීව රැඳී සිටින්නන් එරටින් පිටවීම අනිවාර්ය බවත්, පොදු සමාකාලය අවසන් වීමෙන් පසු කිසිඳු හේතුවක් මත එම කාලසීමාව දීර්ඝ නොකරන බවත්, සෞදි රජය ප‍්‍රකාශ කර තිබේ.

එම කාලසීමාව තුළ එරටින් පිට නොවී තවදුරටත් රැඳී සිටින්නේ නම්, එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දඩ මුදලකටද යටත් කර නැවත එරටට පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කරන බවත් දන්වා සිටියි.

සෞදි අරාබියේ සේවය කරන ලාංකිකයින්ගේ ඥාතීන්ගෙන් සෞදියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ තමන්ගේ ඥාතීන් නීතිවිරෝධී අයුරින් එරට රැඳී සිටින්නේ නම්, ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔවුන්ව දැනුවත් කරන ලෙසයි.

පොදු සමාකාලය තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ‍්‍රමිකයින්ට නැවතත් සෞදි අරාබියට නීත්‍යානුකූල ලෙස පැමිණිය හැකි බවත්, එරට ශ‍්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා ප‍්‍රකාශ කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka