gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ඇමැතිකම දෙනකොට ඩිජිටල් තේරුමවත් දන්නේ නෑ‘ - හරීන්

තම අමාත්‍ය ධූරය වෙනස් කිරීමට ජනපති කැමැත්තෙන් සිටියත් අගමැතිවරයා ඊට ඉඩ නොදුන් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
‘‘මට තරහකුත් ආවා. මේක වෙනස් වුණා නම් මට මිනිස්සු සතුටු කරන්න තිබුණා. හැබැයි මං හිතුවා මම ඊළඟ ඡන්දය පරාද  වුණත් කමක් නැහැ ලංකාවේ ළමයින්ගේ හිතන විදි දකින විදි වෙනසක් කරන්න ඕනෑ කියලා" යැයි ද ඇමැතිවරයා කියා සිටියේ බදුල්ල වියලුව කුට්ටියගොල්ල මහා විද්‍යාලයේ ඊයේ(15)  පැවැති උත්සවයකදී ය.

‘‘මට මේ ඇමතිකම දෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ මොකක්ද මේ ඩිජිටල් කියන්නෙ කියලා. මමත් ඉස්සලම හිතුවේ ඩිජිටල් කිව්වම ඩිජිටල්බෝඩ් එකක් කියලා. මං බැලුවා මේ මොන මගුලක්ද මට හම්බ වුණේ කියලා. මම අහලා තිබුණා ඩිජිටල් කියන්නේ අංකන කියන එක කියලා. අංකන ඇමැති කිව්වට ඔබතුමාලාට තේරෙන්නේ නැහැනේ.

මම ඉස්සෙල්ලාම කළේ මලලසේකර ශබ්දකෝෂය අරගෙන ඕකෙ පරිවර්තනය හොයලා බැලුවා. පරිවර්තනයෙන් කියවාගෙන යනකොට තිබුණා ඇඟිලි වලින් කරන කියලා. මං බැලුවා මළ කෙළියයි විපක්ෂේ කෙනකුට ඕක අහුවුණා නම් කියයි මේකා ඇඟිලි ඇමැති කියලා. මම අවුරුදු එකහමාරට බැංකුවකට ගිහිල්ලා නැහැ. මගේ සියලු බැංකු ගනුදෙනු කරන්නේ ෆෝන් එකෙන්. අද තාක්ෂණ දියුණුවත් එක්ක ලෝකයේ ඩිජිටල්කරණය කියන්නේ  සියලු දේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඇතුළට ගෙන ඒමයි.‘‘ යනුවෙන් ද ඇමැතිවරයා එහිදී පැවසීය.

(පාලිත ආරියවංශ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka