gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සක්විතිට අද ලැබුණු තීන්දුව මෙන්න

සක්විති රණසිංහගේ මුදල් ඇපය අඩු නොකිරීමට කොළඹ මහාධිකරණය අද(05) තීරණය කර තිබේ.

සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් අරඹා වැඩි පොලී ලබාදෙන බව පවසා පුද්ගලයන් 206ක් රවටා තැන්පත් කරගත් රු කෝටි 106කට වැඩි මුදලක් වංචා කිරීම ගැන නීතිපතිවරයා සක්විති රණසිංහ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුව අද(05) කැඳවනු ලැබුවේය.
එහිදී විත්තියේ නීතිඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්නගෙන් ඉල්ලා සිටියේ ලක්ෂ 5ක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් ශරීර ඇප 4ක් නියම කර ඇති අතර මුදල් ඇපය ගෙවා ගත නොහැකි නිසා එය අඩු කර දෙන ලෙසයි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කියා සිටියේ අසරණ මිනිසුන්ගෙන් කෝටි 106ක් වංචා කර සැඟවී සිට ඇති අයෙකුගේ මුදල් ඇපය අඩු නොකළ යුතු බවයි.

එමෙන්ම මුදල් තැන්පත් කළ පුද්ගලයන් අද උසාවියට පැමිණ ඇති නිසා ඇප දීම සක්විතිගේ ජීවිතයටද තර්ජනයක් වියහැකි බවයි.

මේ නිසා ඇප මුදල අඩු කිරීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ජූලි 11 නඩුව කැඳවීමට නියම කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka