gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ පාතාලය යළි ඇවිළෙයි

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොළඹ පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස "කුඩු රොෂාන්ගේ" සමීපතම ගෝලයකු වූ ගයාන් ජීවන්ත නොහොත් "ඉසුරු" නමැත්තා මට්ටක්කුලිය, ජුබිලි මාවතේදී ඊයේ (05දා) වෙඩි තබා ඝාතනය කර තිබේ.

විසිහතර හැවිරිදි වියෙහි පසුවන ඔහු බිරිය සහ දරුවා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බවද පොලිසිය පවසයි.
ටී 56 වර්ගයේ ගිනි අවියක් ආධාරයෙන් වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ "ඉසුරු" නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි ඔහුගේ බිරිය සහ දරුවාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.
මේ වෙඩි ප්‍රහාරය ඝාතනයට ලක්වූ පාතාල නායක "චූටි උක්කුං"ගේ කලිලියක් විසින් සිදුකර ඇති බවටද පොලිසියට තොරුතුරු ලැබී තිබේ.
"චූටි උක්කුං" ඇතුළු පස්දෙනකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී "කුඩු රොෂාන්" නමැත්තාගේ කල්ලිය විසින් වෙඩි තබා ඝාතනය කළ අතර කුඩු රොෂාන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

චූටි උක්කුංගේ ඝාතනයට ප්‍රති ප්‍රහාර වශයෙන් "කුඩු රොෂාන්ගේ" සමීපතමයකු වූ "ඉසුරු" නමැත්තා මෙලෙස ඝාතනය කරන්නට ඇතැයිද පොලිසිය සැකපළ කරයි.
මට්ටක්කුලිය පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka