බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට දෙවැනි වරටත් තේරී පත්වීමට ශ්‍රී ලාංකිකයකු වන රනිල් ජයවර්ධන මහතා සමත්ව ඇත.
බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ඔහු මීට පෙර 2015 දී පළමු වතාවට එරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
බ්‍රිතාන්‍යයේ විද්‍යාවේදී උපාධිධරයකු වන රනිල් ජයවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකාරවරයකු ලෙස ද සේවය කර ඇත. ඔහුගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර මව ඉන්දීය ජාතික කාන්තාවකි.
පසුගියදා පැවැති මැතිවරණයේ දී බ්‍රිතාන්‍යයේ කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ බලය හිමිවූයේ නැත.
රනිල්ට නැවත බ්‍රිතාන්‍ය මන්ත්‍රීකමක් !
2017-06-12T09:15:00+05:30
Gossip Lanka Hot News