gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදෙස් රටක නාදුනන අංකයකින් ඔබටත් Miss Call එකක් ආවද? සල්ලි කපා ගන්න කලින් දැන්ම මේ ලිපිය කියවන්න

අද (12) උදෑසන වනවිට ලංකාවේ බොහෝ දෙනෙකුගේ දුරකථන වලට නාඳුනන විදෙස් රටක දුරකථන අංකයකින් Missed Call එකක් ලැබී තිබිණි. 1767 න් පටන් ගන්නා අංකයකින් මෙසේ මගහැරුණු ඇමතුමක් ලෙස ඇමතුම් ලබාදී තිබුණි. මෙම අංකය අයත් වන්නේ ඩොමිනිකා රාජ්‍යයට වන අතර කැරිබියානු මුහුදේ පිහිටි රටවල් වල දුරකථන අංක යොදාගනිමින් සිදු කරන ජාවාරම මෙයට බොහෝ කලකට පෙර ආරම්භ වුවකි.

මෙම ජාවාරම හඳුන්වන්නේ "One Ring Scam" යනුවෙනි. මෙහිදී රොබෝ පද්ධතියක් මගින් විවිධ රටවල දුරකථන වලට Missed Calls ලබාදීම සිදු වේ. යම් කිසි දුරකථනයකට Ring වූ සැනින් රොබෝ පද්ධතිය විසින් එය විසන්ධි කරනු ලබයි. දුරකථන ඇමතුම ලැබූ පුද්ගලයා නැවත එම අංකයට ලබා ගැනීමට පෙලඹවීම මෙම වංචාවේ මූලික අරමුණ වේ.

එසේ එම මගහැරුණු ඇමතුමට දුරකථන ඇමතුමක් ගතහොත් "වැඩිහිටියන්ට පමණක් වූ සේවාවකට" ඔබව ස්වයන්ක්‍රීයව ඇතුලත් කරගන්නා අතර එයට $20 - $30 ත් අතර මුදලක් අය කරගනී. එය ඔබෙහි බිල්පතෙහි "Premium Service" යනුවෙන් පෙන්වනු ඇත. එහෙයින් ඔබත් විදෙස් රටකින් මගහැරුණු ඇමතුමක් ලැබුනොත් එම අංකයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට ප්‍රථම සැලකිලිමත් වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka