gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''මහින්දව විනාශ කළේ සහෝදරයින්'' - රාජිත කියයි

දේශපාලනය නොදන්නා සහෝදරයන් විසින් හිටපු ජනාධිපතිවරයා විනාශ කළ බව සෞඛ්‍ය ඇමැති පවසයි.

අලුත්ගම දර්ගා නගරයේ දන්වන්තගොඩ පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂන 20 ක් වන අතරල ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව 70 ක් වෙයි.
'' වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් රට තුල සිවිල් යුද්ධයක් ඇති වෙන්න තිබුණා. එම ව්‍යවසනයෙන් යහපාලන රජය රට බේරා ගත්තා. එවැනි තත්තවයක් උදා වෙන බව මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මහතාට බලයේ සිටින විට පෙන්වා දුන් නමුත් දේශපාලනය නොදන්නා සහෝදරයින් විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විනාශ කලා...

ජනප්‍රියත්වය මත රජය පවත්වා ගෙන යාමට ඔවුන් උත්සාහ කලා. නමුත් රට විනාශ වුණා'' යයි උත්වස සභාව අමතමින් ඇමතිවරයා කියා සිටියේය.

කිසිවෙකුට යටත් නොවන ජන සමාජයක්:

''යහපාලන රජයේ වේගය මදි. ඊට හේතු තිබෙනවා. එම හේතු ප්‍රකාශ කර වැඩක් නැහැ. වැරැදි සහ අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. කිසිවෙකුට යටත් නොවන ජන සමාජයක් බිහි කල යුතුයි." යයි ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka