පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල හා තංගල්ල ප්‍රදේශවල පිහිටි පුදබිම් ආශ්‍රීත වැව් ජලාශ හා මුහුදු තීරවල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මූළස්ථානය නිවේදනය කර තිබේ.
බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
වන්දනාකරුවන් ජලාශ ආශ්‍රිත සංඥා පුවරු පිළිබද දැඩි අවධානය යොමුකළ යුතු අතර ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු බවද පොලිසිය කියා සිටී.
දිය නෑම සදහා නිර්දේශිත ස්ථාන පමණක් භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම හා කිඹුලන් සිටින වැව්වලින් දියනෑමෙන් වැලකීමද වැදගත් බවද පොලිසිය සඳහන් කර සිටී.
මේ අතර කොලඹ කොටුව සිට අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කරන විට පටුපාලම්වලදී දුම්රියෙන් පිටතට යොමුනොවීමද වැදගත් පොලිසිය දී ඇති උපදෙස්වල දැක්වේ.
දුම්රියෙන් ගමන් කිරිමේදී බැතිමතුන් සිය දේපල හා රන් ආභරණ කෙරෙහි අවදානය යොමුකළ යුතු බවත් පොලිසිය කියි සිටී.
කෙසේවුවද මගීන්ගේ ආරක්ෂාවට සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පොසොන් පෝයට වැව්වලට පොලිස් ආරක්ෂාව!
2017-06-06T14:32:00+05:30
Gossip Lanka Hot News