gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැකකරුවකු ඝාතනය කළ පොලිසියේ පහකට මරණ දඬුවම

සැකකරුවකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වූ පොලිස් නිලධාරීන් 5 දෙනකුට ඊයේ (30) පානදුර මහාධිකරණය මරණ දඬුවම් නියම කළේය.

1990-6-1 වැනිදා පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් කොල්ලකෑමේ චෝදනාව මත බණ්ඩාරගම අටළුගම පදිංචි මොහොමඩ්
මුනාජ් නමැත්තා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශන සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරියකුගේ ගින අවියක් පත්තුවීමෙන් සැකකරු මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරුවන්  චෝදනා දෙකක් යටතේ වැරදිකරුවන් කෙරිණි.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පුවී ඇතැයි ප්‍රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණීය දණ්ඩනය නියම කළාය.

ඒ අනුව වැරදිකරුවන් වූ මැලව්ව තන්තිරිගේ සමන් පත්මකුමාර(49) - මොරටුමුල්ල උප පොලිස් පරීක්ෂක, නාගහවත්ත මුදියන්සේලාගේ ප්‍රේමරත්න(53) -  ලුනුගල පොලිසිය, බෝල කනහැන්නලාගේ ප්‍රේමකීර්ති උදයකුමාර(52) - මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාසය, කොඩිතුවක්කුගේ සරත් කොඩිතුවක්කු(49) - දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සහ හික්කඩුව කාරියවසම් නාමල් ප්‍රියංග ලියනගේ(49)  - නිවිතිගල පොලිසිය යන අයට එරෙහිව මරණීය දණ්ඩනය නියම කෙරිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka