gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද ආණ්ඩුවට "වැරදුන" තැන කියයි

වත්මන් ආණ්ඩුවට බලයක් ලබා දී ඇති බවත් එම බලය පාවිච්චි කිරීමේ වරදක් ඇති බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බරපතල ලෙස සරසවි සිසුන්ට පහරදීම හෙළා දැකිය යුතු බවත් එදා බදාදා දිනයක් වීම හේතුවෙන් මහජන දිනයට ජනතාව අමාත්‍යාංශවලට
පැමිණෙන බවත් මහජන දිනයට පැමිණෙන සිසුන් හමුවීමට ඇමැතිවරයාට වගකීමක් ඇති බවත් තමන්ගේ රජය සමයේ කිසිදු පහරදීමක් සිදු නොවූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

උමා ඔය ක්‍රියාවලිය වත්මන් ආණ්ඩුව වරද්දා ගත් බවත් තම රජය සමයේ එම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වූයේ වෙල්ලස්සට වතුර ගෙන යාම බවත් පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා එම ව්‍යාපෘතියේ ඉදිරිකිරීම් අතරමග නතර වීම හේතුවෙන් එය කඩාගෙන වැටුණු බවත් ඒ සමගම එම ව්‍යාපෘතියේ කටයුතු සිදු කරගෙන ගියේනම් මෙවැනි හානියක් සිදු නොවන බවත් කියා සිටියේය.

පෙරේදා (28) පස්වරුවේ කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ පැවති ආගමික උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka