gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාහියන්ගල ඓතිහාසික ලෙන අනතුරේ

ආසියාවේ ඉපැරණි ම ජනාවාසයක් සේ සැලකෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පාහියන්ගල ලෙන පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයාමේ අනතුරකට මුහුණ දී තිබේ.

මේ හේතුවෙන් එම ස්ථානයෙන් වහා ඉවත්වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තම විහාරස්ථානයට දැනුම්දී ඇති බව පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

පාහියන්ගල ප්‍රදේශයේ පිහිටි මෙම ගල්ලෙන මෙරට පිහිටි විශාලතම ගල් ලෙන වන අතර වසර 58,000ක ප්‍රාග් ඓතිහාසික අතීතයකට හිමිකම් කියන බව උන්වහන්සේ 'බීබීසි'යට පැවසිය.

මේ වනවිට මෙම ස්ථානයේ පොළොව ඉරිතලා තිබෙන ආකාරය දැකගත හැක.














පාහියන්ගල ලෙන

ඊයේ (ජුනි 02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ නාය යාමේ අනතුරකට මුහුණදී තිබෙන මෙම ඓතිහාසික ස්ථානය පිළිබඳව අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන් දැනුවත් කළ බවය.

පාහියන්ගලට දැඩි හානි:

ගංවතුර හා නායයාම් නිසා පාහියන්ගල නිවාස 426කට පමණ ජලයෙන් යටවූ බව පැවසූ ආනන්ද සාගර හිමියෝ ඉන් 26ක් සම්පුර්ණයෙන්ම විනාශවූ බවත් පුද්ගලයින් 21 දෙනෙක් මරණයට පත්වූ බවත් ප්‍රකාශ කළෝය.

ආහාර සහ වියළි සහනාධාර ඕනෑතරම ජනතාවට ලැබෙමින් පවතින බව පැවසූ ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් කියා සිටියේ මෙම ජනතාවගේ නිවාස හා බඩුමුට්ටු ලබාදී ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම දැනට පවතින අවශ්‍යතාව බවය.

(බීබීසී සිංහල සේවය)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka