gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12කට වහාම මාරුවීම්

ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ ස්ථාන මාරු කර තිබේ.

එම නිලධාරීන් 12 දෙනාගේ ස්ථාන මාරුව සේවයේ අවශ්‍යතා මත සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරු 12 දෙනෙක් මෑත භාගය මාරු කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
පොලිපතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය ලැබූ සිදුකරන ලද නියෝජ්‍ය පොලිස්පති මාරුවීම් පහත පරිදි ය.

1. ජ්‍යෙ.නි.පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන - ජ්‍යෙ.නි.පොලිස්පති සහායක සේවා සිට ජ්‍යෙ.නි.පොලිස්පති උතුරු මැද පළාත සහ වයඹ පළාත ලෙස

2. ජ්‍යෙ.නි.පොලිස්පති වයි.ආර්.ඩබ්.විජේගුණවර්ධන - උතුරු මැද සහ වයඹ පළාතේ සිට ජ්‍යෙ.නි.පොලිස්පති සහායක සේවා ලෙස

3. ජ්‍යෙ.නි.පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු - ජ්‍යෙ.නි.පොලිස්පති විශේෂ ආරක්ෂණ දිසාව සිට ජ්‍යෙ.නි.පොලිස්පති උතුරු පළාත ලෙස

4. නි.පොලිස්පති පී.මුණසිංහ - නි.පොලිස්පති සබරගමුව සිට පොලිස්පති විශේෂ ආරක්ෂණ දිසාව ලෙස

5. නි.පොලිස්පති ආර්.එල්.කොඩිතුවක්කු - පොලිස්පතිගේ මාණ්ඩලික නි.පොලිස්පති සිට නි.පොලිස්පති සබරගමුව ලෙස

6. නි.පොලිස්පති එස්.සී. මැදවත්ත - නි.පොලිස්පති පිරිස් බඳවා ගැනීම් සහ පුහුණු දිසාවේ සිට නි. පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක දිසාව ලෙස.

7. නි.පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න - නි. පොලිස්පති යාපනය දිසාව සිට නි.පොලිස්පති බඳවා ගැනීම් සහ පුහුණු දිසාව ලෙස

8. නි.පොලිස්පති ඩබ්.කේ.ජයලත් - නි.පොලිස්පති ගාල්ල දිසාව සිට නි.පොලිස්පති මාතර සහ තංගල්ල දිසාව ලෙස.

9. නි.පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි - නි.පොලිස්පති අපරාධ සහ අපරාධ බුද්ධි දිසාව සිට පොලිස්පති මාණ්ඩලික නි.පොලිස්පති ලෙස

10. නි.පොලිස්පති කේ.පී. ප්‍රනාන්දු - නි.පොලිස්පති රථවාහන දිසාව සිට නි.පොලිස්පති යාපනය දිසාව ලෙස

11. නි.පොලිස්පති අයි.එච්.කේ.ඩබ්.සිල්වා (කමල් සිල්වා) -නි.පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක දිසාව සිට නි.පොලිස්පති අපරාධ සහ රථවාහන දිසාව ලෙස

12. නි.පොලිස්පති ඒ.එච්.එම්.ඩබ්.සී.කේ. අලහකෝන් - නි.පොලිස්පති මාතර සහ තංගල්ල දිසාව සිට නි.පොලිස්පති ගාල්ල දිසාව ලෙස
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka