gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලවා පසාරු කරගෙන ගිය ගිනිසිලීයා උල විස්මිත සැත්කමින් ඉවත් කළ හැටි

පොල්ගසකින් ඇද වැටිම නිසා වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබු අඩි පහක පමණ ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කිරිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී හැකියාව ලැබී අැත.

සිව්දරු පියෙකු වන අනතුරට ලක්වූ පුද්ගලයා  පොල් ගසකින් පොල් කඩා යළී පොල් ගසින් බැසිමේදී අඩි තිස්පහක් හතලිහක් පමණ උසකින් ඇදවැටි ඒ අසල තිබු ගිනිසීරියා වැටක් මත
වැටි තිබේ. එහිදි ඔහුගේ වම්පාදයේ කලවා ප්‍රදේශය පසාරුකරගෙන යන සේ උලක් ඇනී තිබේ.


ඉකුත් 12 වැනි දින මෙම සිද්ධිය සිදුවි ඇති අතර ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කලවේ ඇනී තිබූ ලි උලත් සමග  12 වැනි දින පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලට  මාරුකොට එවා තිබේ.
එදින පැය දෙකහමාරක පමණ විස්මිත සැත්කමකින් පසු මෙම ලී කොටය ඉවත් කිරිමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇත. මෙම සැත්කම නිසා මෙම පුද්ගලයාගේ ජිවිතය බේරාගැනිමට හැකිවි තිබේ. මෙම අනතුරට මුහුණ පෑවේ  එදිරිගේ පියසිරි  (55) නමැති  අගුණුකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙකි විස්මිත සැත්කම පිළිබද අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා මේසේ කිවේය.
'මෙම රෝගියා  මෙම අනතුරට ලක්වුණාට පසු මුලින්ම ඇඹ්ලිපිටිය රෝහලට තමයි ඇතුලත් කරලා තිබුණේ ඒ රෝහලේ වෛද්‍යවරයකු මට කථා කරලා කිවා මෙම රෝගියා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකොට එවනවා කියා සැත්කම කිරිමට. නහර වලට අනතුරක් වි ඇති බව කිවා.

ඒ නිසා ලි කොටයත් සමග තමයි එව්වේ. පසුව ශල්‍යාගාරයට මෙම රෝගියා අරගෙන සැත්කමකින් එම ලි කොටය ඉවත් කළා.  මුලින්ම පාදයේ රුධිර වහනය නතර කළා. උඩින් තිබු නහරවල ලේ සැපයම නතර කරලා  තුවාලය සම්පුර්ණයෙන් හෝදලා නහර පිළිසකර කරලා තමයි සැත්කමකින් ලි කොටය අයින් කළේ. නමුත් මොහුගේ ප්‍රධාන නහරය බේරිලා තිබුණේ.

සැත්කමින් පසු මෙම රෝගයාගේ පාදවල ඇති නහරවල හොදින් රුධිරය ගමන් කරනවා. සුසුම්නාවට හානි වේලාද කියලා බලන්න දැන් එම්.ආර්.අයි පරික්ෂණයක් කරණවා. රෝගියා හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.මේ වගේ උලක් ඇණුනු අවස්ථාවක එක ගලවන්නේ නැතිව රෝහලට රැගෙන එන්න ඕන. ගලවන්න ගියහොත් රුධිර වහනය වෙලා ජිවිතය පවා නැති වෙන්න පුළුවන්.

මෙම අනතුරට පත්වූ එදිරිගේ පියසිරි  (55) මෙසේ  කිවේය.
මුදලාලි කෙනෙකුගේ පොල් කැඩුවා එක වත්තක පොල් ගස් 17ක විතර පොල් කැඩුවා. අනෙක් වත්තේ  14ක විතර පොල් කැඩුවා. ඊට පස්සේ   තවත් පොල්ගහකට ගිහින් බහින්න හදන කොට  එක් පොල්පිත්තක් අල්ලා ගත්තා ඒ පොල්පිත්ත ගැලවුණා. මට අනික් පොල්පිත්ත අල්ලා ගන්න බැරිවුණා.

 මාව ගහෙන් බිමට වැටුණා. වැටේ තිබුනා ගිනිසීඩියා ගහක් ඒක තමයි කකුලේ ඇනිලා තිබුණේ. ගහෙන් ලී කැබැල්ල කපලා වෙන් කරලා  තමයි මාව රෝහලට ගෙනාවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka