පළමුවෙන් පන්දුවට පහරදුන්නේ එංගලන්ත කණ්ඩායම. 34 වන පන්දුවාරයේදී සිසිල් පැන් පානය සඳහා පොඩි වෙලාවකට තරඟය නැවැත්තුවා. ඒ සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටියේ බට්ලර් සහ බෙන් ස්ටොක්ස්.
මේ වෙලාවේදී බෙන් ස්ටොක්ස් මුකුත්ම පානය කරන්නේ නැතුව හතරේ සීමාවට දුවගෙන යනවා. මෙහෙම
දුවන් ගිය ඔහු ක්‍රීඩාංගනයේ සිටින සේවකයෙකුගෙන් අහනවා ටොයිලට් එකක් තියෙන්නේ කොහෙද කියලා. මොකද ඒ තරමට ඔහුට ලොකු අපහසුවක් ඇතිවෙලා. කොහොම හරි එතැන හිටිය සේවකයන් දෙන්නා එක එක තැන් පෙන්නපු නිසා ස්ටොක්ස් අන්තිමට තීරණය කළා ඔවුන් සිටින විවේකාගාරයටම යන්න.
මේ වෙලාවේදී නිවේදකයා මේ ගැන කියලා බෙන් ස්ටොක්ස් පොඩ්ඩක් චාටර් කළා.








