gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Facebook පෙම ලංකාවට ඇවිත් තට්ටු කර අතුරුදහන් වෙයි

විදෙස් රටක සේවය කරමින් සිටි කාන්තාවක් හා මුහුණු පොතෙන් මිතුදමක් ඇති කරගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවයක්ද ගොඩ නගාගෙන ඇය මෙරටට පැමිණි පසුව ඇය සතුව තිබූ රන් දම්වැලක් සහ විදෙස් මුදල් තොගයක් සොරකම් කර පලා ගිය බව කියන පුද්ගලයෙකුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර – රංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 36 හැවිරිදි පුද්ගලයෙකුවය. ඔහු පෙදරේරුවෙකු ලෙස ජීවිකාව කරගෙන ගිය අයෙකි.

පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සැකකරුගේ බිරිදද රැකියාවක් සදහා විදෙස් ගතවී ඇත. එම කාලයේදී මුහුණු
පොත ඔස්සේ සැකකරු විදෙස් රටක සේවය කරන පුත්තලම – සාලියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමග සම්බන්ධතාවයක් ආරම්භ කර ඇත. එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස තමන් විවාහ වී සිටි බිරිදගෙන් නීත්‍යාණුකූලව වෙන්වීමටද සැකකරු කටයුතු කර ඇත. ඒ මුහුණු පොතෙන් හමුවී ඇති කාන්තාව විවාහ කර ගැනීමේ අදහසින් බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.

මුහුණු පොතෙන් සැකකරුට පෙම් කල කාන්තාව පසුගිය දිනක මෙරටට පැමිණ ඇත. ඇයව කැදවාගෙන ඒම සදහා සැකකරු කටුනායක ගුවන් තොටුපලටද ගොස් ඇත. පසුව සාලියවැව පිහිටි එම කාන්තාවගේ නිවසට පැමිණ ඇති සැකකරු ඇය සමග දින කීපයක් ගත කර අතුරුදහන්වී ඇත.

අතුරුදහන්වී ඇති මුහුණු පොතේ පෙම්වතා තමා සතුව තිබූ රුපියල් 51,000 ක් පමණ වටිනා රන් මාලක් සහ ඩිනාර් 200 ක මුදලක්ද රැගෙන ගොස් ඇති බව දැන ගත් කාන්තාව මේ බව සාලියවැව පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති සාලියවැව පොලීසියේ නිලධාරීන් මහනුවර – රංගල ප්‍රදේශයට ගොස් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබී සොරකම් කරන ලද බව කියන රන් මාලයද පොලීසිය විසින් සොයා ගෙන ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සාලියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චායා කුමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

(ජුඩ් සමන්ත)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka