gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නානුඹය ප්‍රදේශවාසීන් ටිපර් රථයකට ගිනි තබයි (VIDEO)

නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට නානුඔය නගරයේදි කහඉර මතින් පාර මාරු වෙමින් සිටි පාසල් දැරියක් යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (15) උදෑසන 7.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නානුඔය හැටන් ප‍්‍රධාන මාර්ගයේ නානුඔය දුමිරිය පාලම අසලදියි.

අනතුරෙන් දැරිය එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් කලබලයට පත් ප‍්‍රදේශවාසින් එක්ව ටිපර් රථයට ගිනි තැබීම සිදු කර ඇති බවත් අප වාර්තාකරු පැවසුවා.


ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව නානුඔය පොලිසිය පවසනවා. අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුරත් සමග පොලිසිය හා ප‍්‍රදේශවාසින් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද මතුව තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka