gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හමුදාවට කෝටි 750ක පාඩුවක් !

කොළඹ ගාලු මු‍වදොර ආසන්නයේ පිහිටි යුද හමුදා මූලස්ථානය ඉන් ඉවත්කර එම භූමිය ෂැංග්‍රිලා හෝටල් සමූහයට ලබා දීමට පසුගිය රජය සමයේ ගත් තීරණයක් නිසා මේ වන විට රජයට කෝටි 750ක පමණ මුදලක් අහිමිව ඇතැයි වාර්තා වේ.

යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේ‍‍ගොඩට ගෙන යෑම පිණිස සියලු පිඹුරුපත් සකසා පළමුව සිදු කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටල් සමූහයට යුදහමුදා මූලස්ථානය තිබූ භූමි භාගය ලබා දීමය.
ඉන්පසුව යුද හමුදාපතිවරයාගේ කාර්යාලය සහ තවත් අධ්‍යක්ෂවරුන්ගේ කාර්යාල කිහිපයක් හැර අනෙකුත් කාර්යාල සියල්ල ක්‍රමයෙන් එම ස්ථානයෙන් ඉවත් කර කැලණිය, නාරාහේන්පිට, කොම්පඤ්ඤවිදිය‍, තුම්මුල්ල, ආර්.ඒ. ද මැල් මාවත ඇතුළු ස්ථාන රැසක අධික කුලී පදනමක් යටතේ ස්ථාපිත කර ඇත.

වසර 2011 දී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී සිදු කරන ලද මේ ක්‍රියාවලිය නිසා මසකට රුපියල් කෝටි 10කට අධික මුදලක් කාර්යාල උදෙසා ගෙවන්නට යුද හමුදාවට සිදුව ඇත.

2018 අප්‍රේල් යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට !

මේ සම්බන්ධව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් 2011 වසරේ සිට මේ තත්ත්වය උද්ගතව තිබීම සැබෑවක් බවත් මේ වන විට බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන්නට උපදෙස් ලැබී ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට ගෙන යෑමට හැකි වනු ඇති බවට විශ්වාසය පලකර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka